BlogBlogs

Nov 20, 2010
               මේ වරදට දිය යුතු දඩුවම කුමක්ද ?  
          
       පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය තමන්ට පරුෂ වචනයෙන් බැන වැදී මරණීය තර්ජන එල්ල කළේ යැයි දෙරණ රූපවාහිනියේ ප‍්‍රවෘත්ති  අංශ ප‍්‍රධානියා ෂෙහාන් බරණගේ මහතා පැවසූ බව නොවැම්බර් මස 21 වනදා රාවය පුවත්පත සිය මුල් පිටුවේ වාර්තාකර තිබිණි.
        මේ පිළිබදව පොලිසිය දැනුවත් කර ඵලක් නොවන නිසා ජනාධිපතිවරයා හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බව බරණගේ මහතා වැඩිදුරටත් රාවය පුවත්පත සමග ප‍්‍රකාශ කර තිබිණි.
දැන් අපි මේ පුවත මදක් විමසා  බලමු.
      මෙසේ මන්ත‍්‍රීවරියගේ කෝපයට හේතුවී ඇත්තේ පසුගිය 15 වන දා රාත‍්‍රියේ තමන් විකාශය වූ 360 වැඩසටහනක් නැවත විකාශය කිරීම වන අතර  දෙරණ රූපවාහිනිය පවසන්නේ එදින එම වැඩසටහනට සහභාගි වීමට නියමිත ව තිබූ  බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍ය විජීතමුනි සොයිසාට අතවශ්‍ය කටයුත්තක් හේතුවෙන් මෙයට සහභාගි වීමට නොහැකි වූ නිසා උපේක්ෂාගේ වැඩසටහන නැවත ප‍්‍රචාරය කළ බවයි.       
       එදින වැඩසටහනට සහභාගි වූ උපේක්ෂා ස්වර්ණමාලි බැරි බැරි ගාතේ වුවත් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස වෙනුවෙන් කථා කල අයුරු, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට චෝදනා කළ අයුරු අපි පසුගිය සදුදා දෙරණ රූපවාහිනිය ඔස්සේ නැවත දැකගතිමු.
       සුපුරුදු පරිදි 360 වැඩසටහන නරඹන පේ‍්‍රක්ෂකයින්ට අමත්‍යවරයාගේ නොපැමිණිමෙන් අසාධරණයක් සිදුවන නිසා සහ තම වාණිජ සේවාදායකයින් සතුටු කිරිමේ අරමුණින් දෙරණ රූපවාහිනිය මෙම වැඩසටහන විකාශනය කරන්නට ඇත.
      එහෙත් මෙය කිසිදු සදාචාරත්මක භාවයක් නොමැති මාධ්‍ය භාවිතයක් බව අපගේ මතයයි. පෙර වෙනත් මතයක් දැරූ අවස්ථාවක පැවසූ දෙයක් පසුකාලීනව ඉදිරිපත් කිරීම එතරම් සුදුසු නැත.(උදාහරණයක් වශයෙන් විමල් වීරවංශ අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණේ සිටි අවදියේ සහභාගි වූ වැඩසටහනක් නැවත විකාශය කළහොත් ඇතිවන තත්වය ගැන සිතන්න)
       ඉහත ප‍්‍රවෘත්තිය දුටු මෙම ලියුම්කරුගේ හිතවතෙක් ද පැවසුවේ එවැනි වගකීම් විරහිතව මාධ්‍ය භාවිතා කරන්නට තර්ජනය කිරිම අසාධාරණ ක‍්‍රියාවක් නොවන බවයි.උපේක්ෂා දෙරණ ප‍්‍රවෘත්ති අංශ ප‍්‍රධානියාට මරණිය තර්ජන එල්ල කළේ එලෙසින් ම සිතා විය යුතුය.
        මෙලෙස තමන්ගේ වෙනස් කළ මතවාදය වෙනුවෙන් පෙනි සිටි    උපේක්ෂාගෙන් අපි එක් පැනයක් ඇසීමට කැමැත්තෙමු උපේක්ෂාට දැන් තමන් විශ්වාස කරන මතය වැදගත්ය.එමෙන්ම ඡන්දදායකයාට   තමන්ගේ මතය වැදගත්ය.එසේනම් තම මතය ප‍්‍රකාශ කළ ඡන්දයෙන් තේරි පත්ව ඡන්ද දායකයින් 81350කගේ ඡන්ද අයිතියට නිගරු  කළ ගැහැණියකට ඡන්දායකයින් ලබා දිය යුතු දඩුවම කුමක් ද?
        
Nov 15, 2010

මිනිස්කම වෙනුවෙන් කදුළු සැලීම

   වචන දහසක් ලියා පැවසිය නොහැකි දෙය ඇතැම් විට එක් ඡායාරූපයකින් පැවසිය හැකිය. ඉහත දැක්වෙන්නේ ද එවැනි ප‍්‍රබල ඡායාරූපයකි.
       මේ ඊයේ ප‍්‍රහාරයට ලක්වූ සුනිල් හදූන්නෙත්ති මහතාව වැළද සිටින දෙමළ මවකි. හදුන්නෙත්ති මන්ත‍්‍රිවරයා ඊයේ යාපනයට පැමිණියේ මේ මවගේ මෙන්ම තවත් දහසක් මව්වරුන්ගේ දරුවන් පිළිබදව තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා රජයට බල කෙරෙන පෙත්සමකට අත්සන් ලබා ගැනීමටය.
      පසුගිය යුධ සමයේ අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ගේ නම් හෙළිකරන ලෙස ඉල්ලා අපි ශ‍්‍රි ලාංකිකයෝ සංවිධානය යෝධ පෙත්සමකට පසුගිය ඔක්තෝම්බර් 20 වනදා අත්සන් ගැනීම ආරම්භ කළහ
. අද යාපනයේ දි පැවැත්වුනේ එහි එක් පියවරකි.
        ඉතා සමකාවීව සිදුකරන මෙම කාර්්‍යය සදහා පැමිණි හදුන්නෙත්ති මන්ත‍්‍රිවරයාට සිදුවූයේ හිසට මැහුම් තුනක් දමාගෙන මෙම ව්‍යාපාරය සදහා සහභාගි වීමටය.
       මීට පෙර සමාජවාදි තරුණ සංගමය විසින් යාපනයේ නාවලර් සංස්කෘතික ශාලාවේ දි පැවැත්වීමට තිබූ සහෝදරත්වයේ සිනමා උළෙලට ද යම් පිරිසකගේ බාධා එල්ල
විය. අවසානයේ දි සංවිධායකවරුන්ට සිනමා උළෙලට අවලංගු කිරිමට සිදුවිය.
     මෙසේ උතුරු පළාතේ විපක්ෂ දේශපාලන පක්ෂ වලට සමකාමීව දේශපාලනය කිරීමට ඉඩ නොදෙන්නේ ඇයි? තිස් වසරක් යුද්ධයෙන් අසිමිතව බැට කෑ දෙමළ ජනතාවට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක නියැලීමේ ඇති අයිතියට බාධා පමුණුවන්නේ නැවත සන්නද්ධ අරගලයක් කරා ඔවුන්ව රැගෙන යාමටද?
   අද උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න පිළිබදව කිසිදු පක්ෂයක් කථා නොකරති. ‍‍(දෙම
ජාතික සන්ධානය පවා) රාජ්‍ය මර්දනය ඔවුන්ව නිහඩ කර හමාරය.  හදුන්නෙත්ති ට  ප‍්‍රහාරක් එල්ල කිරිමෙන්  කිමට උත්සහ දරා ඇත්තේ ද උතුරෙ දේශපාලනය කළ හැක්කේ ආණ්ඩුවට සහ දෙමළ ජනතාව පවා දුන් දේවානන්ද කරුණා පිල්ලේයාන් වැනි අයට පමණක් බව පැහැදිලිය.
  නමුත් මේ මිනිසත් කමට ආදරය කරන මිනිසුන් නිහඩ විය යුතු මොහොතක් නොවේ
. දකුණේ මව්වරුන් ද මෙලෙස කදුඵ සැලූ යුගයක් තිබිණි. මේ දෙමළ අම්මා තමන්ගේ දරුවන් වෙනුවෙන් හඩ නැගු මේ සිංහල පුතාව වැළදගන්නේ අපිරිමිත සෙනෙහසකිනි. ඇයගේ නෙතින් ගලන කදුඵ වල සීතල ද අපට හොදින් දැනිය යුතුය. කුමන බාධා පැමිණියත් අප ඔවුන් වෙනුවෙන් හඩ නැගිය යුතුය. මන්ද යත් අතුරුදහන් වූ ඇයගේ පුතා මගේ ජාතියේ එකෙක් වන බැවිනි. මිනිසත් ජාතියේ එකෙක් වන බැවිනි.


Nov 7, 2010
අරමුණක සටහනක්


      මීට අවුරුදු  විසි දෙකකට  විතර කලින් දකුණේ තරුණයින් අවි අතට ගත්තා.ඔවුන්ව සියලූ දෙනාවම නොවැම්බර් මාසයේ 13 වනදා සංකේතාත්මකව සමරනවා.මේ කෙටි සටහන තබන්නේ ඔවුන්ට උපහාරයක් විදියට.
    ලංකාවේ විතරක් නෙමේ ලොකේ හැමතැනම යම් කිසි පිරිසක් තවත් පිරිසකගේ පීඩනයට ලක් වෙනවානම් පීඩිත පිරිස අනිවාර්යෙන් ම ඊට එරෙහිව නැගී සිටිනවා.ලෝක ඉතිහාසය පුරාවට අපි ඒ දෙය දැක්කා. අදත් දකිනවා.
     අපේ රටේ දකුණේ වගේම උතුරේ කොල්ලෝ කෙල්ලොත් අවි අතට ගත්තේ ඒ හේතුව නිසාමයි.උන් විශ්වාස කරපු දෙශපාලන දර්ශන එක්ක මට බොහෝ දුරට එකග වෙන්න බෑ. ඒත් තමන්ගේ වගේම නොදන්නා මිනිසුන්ගේ ජිවිත වෙනුවෙන් ද සටන් කළ මගේම සොහොයුරියන් ගැන අප‍්‍රමාණ ගෞරවයක් මගේ හිතේ තියෙනවා.
  ඒ සැබෑ මිනිසුන් ගැන මීට වසර 18 කට පෙර අරමුණක සටහන් නමැති ඡයා පිටපත් මුද්‍රණයකින් නිකුත් කළ සමරු කලාපයක තිබූ කවියක් උපුටා දක්වමින් මම මේ සටහන නිමාකරනවා.මේ කවියේ කර්තෘ හෙළිදරව්වී නෑ.

දුර ඈත කදු පෙතක සිට පැමිණි
නිම්නයක අපිරිමිත සිල් සුවද
මතක පිරි ඉල් මහේ සැමදාම
අපේ සිත සිප වැළද හමනවා.....
ඔව් මගේ නෑසියනි
ඒ සුවද ජිවිතය තනනවා.....

කදුලකින් සුසුමකින් සවිමත්ව
රන් කොතක සිට හමන ඒ සුවද
කප් සුවහසක් වුව පාරමී පුරනට
මේ තෙැතැති සිත් සවිමත් කරනවා
සත්තකින්ම නෑ සියනි
ඒ සවිය යළි වැඩෙනවා......

විසඝෝර සපුන් රැදි කොදෙව්වක
ඉතිහාසයේ නොපළ වූ පිටු අතර
සිට දිලෙන සැදැහවත්  පහන් එළි
අපේ සිත් හොදින් හදුනනවා
සැබැවින්ම නොනෑයිනි
ඒ එළිය අපට මග කියනවා......

භක්තිමත් කදුළකින් බිහි කෙරුණු
තථාගත ලෝකයක් සොයා යන මේ ගමන
ළබැදි උණුසුමින් පණ පෙවෙනවා
ළබැදි උණුසුමින් පණ පෙවෙනවා
ඔව් මගේ නෑසියනි....
මළ නොමළ සියලූ සවිමත් පවුරු
ඒ ම
ගෙහි පෙරමුණේ සිටිනවා......