BlogBlogs

Nov 7, 2010
අරමුණක සටහනක්


      මීට අවුරුදු  විසි දෙකකට  විතර කලින් දකුණේ තරුණයින් අවි අතට ගත්තා.ඔවුන්ව සියලූ දෙනාවම නොවැම්බර් මාසයේ 13 වනදා සංකේතාත්මකව සමරනවා.මේ කෙටි සටහන තබන්නේ ඔවුන්ට උපහාරයක් විදියට.
    ලංකාවේ විතරක් නෙමේ ලොකේ හැමතැනම යම් කිසි පිරිසක් තවත් පිරිසකගේ පීඩනයට ලක් වෙනවානම් පීඩිත පිරිස අනිවාර්යෙන් ම ඊට එරෙහිව නැගී සිටිනවා.ලෝක ඉතිහාසය පුරාවට අපි ඒ දෙය දැක්කා. අදත් දකිනවා.
     අපේ රටේ දකුණේ වගේම උතුරේ කොල්ලෝ කෙල්ලොත් අවි අතට ගත්තේ ඒ හේතුව නිසාමයි.උන් විශ්වාස කරපු දෙශපාලන දර්ශන එක්ක මට බොහෝ දුරට එකග වෙන්න බෑ. ඒත් තමන්ගේ වගේම නොදන්නා මිනිසුන්ගේ ජිවිත වෙනුවෙන් ද සටන් කළ මගේම සොහොයුරියන් ගැන අප‍්‍රමාණ ගෞරවයක් මගේ හිතේ තියෙනවා.
  ඒ සැබෑ මිනිසුන් ගැන මීට වසර 18 කට පෙර අරමුණක සටහන් නමැති ඡයා පිටපත් මුද්‍රණයකින් නිකුත් කළ සමරු කලාපයක තිබූ කවියක් උපුටා දක්වමින් මම මේ සටහන නිමාකරනවා.මේ කවියේ කර්තෘ හෙළිදරව්වී නෑ.

දුර ඈත කදු පෙතක සිට පැමිණි
නිම්නයක අපිරිමිත සිල් සුවද
මතක පිරි ඉල් මහේ සැමදාම
අපේ සිත සිප වැළද හමනවා.....
ඔව් මගේ නෑසියනි
ඒ සුවද ජිවිතය තනනවා.....

කදුලකින් සුසුමකින් සවිමත්ව
රන් කොතක සිට හමන ඒ සුවද
කප් සුවහසක් වුව පාරමී පුරනට
මේ තෙැතැති සිත් සවිමත් කරනවා
සත්තකින්ම නෑ සියනි
ඒ සවිය යළි වැඩෙනවා......

විසඝෝර සපුන් රැදි කොදෙව්වක
ඉතිහාසයේ නොපළ වූ පිටු අතර
සිට දිලෙන සැදැහවත්  පහන් එළි
අපේ සිත් හොදින් හදුනනවා
සැබැවින්ම නොනෑයිනි
ඒ එළිය අපට මග කියනවා......

භක්තිමත් කදුළකින් බිහි කෙරුණු
තථාගත ලෝකයක් සොයා යන මේ ගමන
ළබැදි උණුසුමින් පණ පෙවෙනවා
ළබැදි උණුසුමින් පණ පෙවෙනවා
ඔව් මගේ නෑසියනි....
මළ නොමළ සියලූ සවිමත් පවුරු
ඒ ම
ගෙහි පෙරමුණේ සිටිනවා......
     

1 comments:

නෙරංජි සුලක්ඛනා said...

කාලයෙන් අන්ධකාරෙන් වසා
අඟුරු කළ මතකයන් හිතේ ඉකි ගසනවා....
පාර තොට පිච්චිච්ච ටයර් කොට කැබලි ළඟ
තවම රතු පාට මල් පිපෙනවා....
අහිංසක ආරාමේ
කුරුටු ගී විලාපෙට
අදත් අළු අහස් කුස හඬනවා...
වසර විසි එකක් කල් හැංගිච්ච හීනයක්
රටක් වැහි කඳුළුයෙන් තෙමනවා...

Post a Comment