BlogBlogs

Nov 15, 2010

මිනිස්කම වෙනුවෙන් කදුළු සැලීම

   වචන දහසක් ලියා පැවසිය නොහැකි දෙය ඇතැම් විට එක් ඡායාරූපයකින් පැවසිය හැකිය. ඉහත දැක්වෙන්නේ ද එවැනි ප‍්‍රබල ඡායාරූපයකි.
       මේ ඊයේ ප‍්‍රහාරයට ලක්වූ සුනිල් හදූන්නෙත්ති මහතාව වැළද සිටින දෙමළ මවකි. හදුන්නෙත්ති මන්ත‍්‍රිවරයා ඊයේ යාපනයට පැමිණියේ මේ මවගේ මෙන්ම තවත් දහසක් මව්වරුන්ගේ දරුවන් පිළිබදව තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා රජයට බල කෙරෙන පෙත්සමකට අත්සන් ලබා ගැනීමටය.
      පසුගිය යුධ සමයේ අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්ගේ නම් හෙළිකරන ලෙස ඉල්ලා අපි ශ‍්‍රි ලාංකිකයෝ සංවිධානය යෝධ පෙත්සමකට පසුගිය ඔක්තෝම්බර් 20 වනදා අත්සන් ගැනීම ආරම්භ කළහ
. අද යාපනයේ දි පැවැත්වුනේ එහි එක් පියවරකි.
        ඉතා සමකාවීව සිදුකරන මෙම කාර්්‍යය සදහා පැමිණි හදුන්නෙත්ති මන්ත‍්‍රිවරයාට සිදුවූයේ හිසට මැහුම් තුනක් දමාගෙන මෙම ව්‍යාපාරය සදහා සහභාගි වීමටය.
       මීට පෙර සමාජවාදි තරුණ සංගමය විසින් යාපනයේ නාවලර් සංස්කෘතික ශාලාවේ දි පැවැත්වීමට තිබූ සහෝදරත්වයේ සිනමා උළෙලට ද යම් පිරිසකගේ බාධා එල්ල
විය. අවසානයේ දි සංවිධායකවරුන්ට සිනමා උළෙලට අවලංගු කිරිමට සිදුවිය.
     මෙසේ උතුරු පළාතේ විපක්ෂ දේශපාලන පක්ෂ වලට සමකාමීව දේශපාලනය කිරීමට ඉඩ නොදෙන්නේ ඇයි? තිස් වසරක් යුද්ධයෙන් අසිමිතව බැට කෑ දෙමළ ජනතාවට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක නියැලීමේ ඇති අයිතියට බාධා පමුණුවන්නේ නැවත සන්නද්ධ අරගලයක් කරා ඔවුන්ව රැගෙන යාමටද?
   අද උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න පිළිබදව කිසිදු පක්ෂයක් කථා නොකරති. ‍‍(දෙම
ජාතික සන්ධානය පවා) රාජ්‍ය මර්දනය ඔවුන්ව නිහඩ කර හමාරය.  හදුන්නෙත්ති ට  ප‍්‍රහාරක් එල්ල කිරිමෙන්  කිමට උත්සහ දරා ඇත්තේ ද උතුරෙ දේශපාලනය කළ හැක්කේ ආණ්ඩුවට සහ දෙමළ ජනතාව පවා දුන් දේවානන්ද කරුණා පිල්ලේයාන් වැනි අයට පමණක් බව පැහැදිලිය.
  නමුත් මේ මිනිසත් කමට ආදරය කරන මිනිසුන් නිහඩ විය යුතු මොහොතක් නොවේ
. දකුණේ මව්වරුන් ද මෙලෙස කදුඵ සැලූ යුගයක් තිබිණි. මේ දෙමළ අම්මා තමන්ගේ දරුවන් වෙනුවෙන් හඩ නැගු මේ සිංහල පුතාව වැළදගන්නේ අපිරිමිත සෙනෙහසකිනි. ඇයගේ නෙතින් ගලන කදුඵ වල සීතල ද අපට හොදින් දැනිය යුතුය. කුමන බාධා පැමිණියත් අප ඔවුන් වෙනුවෙන් හඩ නැගිය යුතුය. මන්ද යත් අතුරුදහන් වූ ඇයගේ පුතා මගේ ජාතියේ එකෙක් වන බැවිනි. මිනිසත් ජාතියේ එකෙක් වන බැවිනි.


1 comments:

හිතුවක්කාරයා said...

mahindalata merate jathika samagiya godanaganna oonakamak naha. karanna denneth naha. unta oonawelathiyenne ayema uddayak athikarala wawagana kanna.

Post a Comment