BlogBlogs

Dec 4, 2010
ජනාධිපතිතුමාගේ ලන්ඩන් ගමන
           
      කලක් විකල්ප පත්තරවලට ලියූ විමලසිරි නම් ලේකඛයා පිළිබදව කාලයක් තිස්සේ කිසිදු තොරතුරක් නැත.නමුත් අද හදිසියේම අපේ විද්්‍යුත් ලිපිනයට වැරදිමකින් දෝ වෙනත් අයෙකුට යොමුකළ ලිපියක් ලැබී තිබුණි.මට ලියුම ලියූ තැනැත්තාගේ නම දුටු සැනින්ම විමලසිරි සහෝදරයාව මතක් වූ නිසාත්,ලිපියේ කාලින සිද්ධියක් පිළිබදව අව්‍යාජ අදහස් ඉදිරිපත් වි තිබූ නිසාත් එම ලිපිය ඔබේ අවධානය සදහා යොමුකරමි.
වැදගත් - ලිපිය ආරම්භයේ විමසා ඇති පෞද්ගලික තොරතුරු කපා දමා ඇත.

හිතාදර නිමල්,
               අපි ගිය සතිය පුරාම සැලසුම් කරගෙන සිටියේ ඔක්ස්ෆර්ඞ් සරසවි දේශනය සාර්ථකව පවත්වා සිංහයෙක් සේ දිවයිනට පැමිණෙන ගරු ජනාධිපතිතුමාව පිළිගැනීමටය.එහෙත් එතුමාට පැමිණීමට සිදුවුයේ කෙසේද යන්න කොණ්ඬේ බැදපු චිනුන්ට ඇරෙන්න අනිත්  ඕනැම අයෙකුට තේරෙන නිසා වැඩියමක් සදහන් නොකරමි.කෙසේ වුවත් ගහේ ගෙඩි ගහට බර නැත.එසේම අපේ පුංචි කොදෙව්වට විශාල කිර්තියක් ගෙන ආ පුංචි දගකාරයා අපට බර නැත.ගුවන් තොටුපලට පැමිනි ජනාධිපතිතුමාව අපි එතරම් හරසරින් පිළිගත්තේ ඒ නිසාය.
     මට පේන හැටියට මේ තරම් අගනා දේශනය කඩාකප්පල් කරන්න සැලසුම් කරලා හිමින් සැරේ ලංකාවට ආවේ අර දොස්තරයා ජයලතාය. මට පුදුම මිනිස්සු දාහක්වත් එක තැනකට එකතු කර ගන්න බැරි එකා එරොප්පේ රටක විරෝධතාවයක් සංවිධානය කරලා රටක ජනාධිපතිවරයෙකුගේ දෙශනාවකුත් අවලංගු කළ එක ගැනය.දොස්තර ජයලත් ජා ඇල ආසන බල මණ්ඩලය රැුස්කරන්නේ නැතිව මගහරින්නේ සෙනග නැති නිසාය.එහෙව් එකෙක්ගේ කීමකට නැවී ඔක්ස්ෆර්ඞ් දේශනය අවලංගු කිරිමෙන් නැවත වරක් එංගලන්තය ප‍්‍රමුඛ යුරෝපීය රටවල්තම සුඵ ධනේෂ්වර මානසිකත්වය ලෝකයට ප‍්‍රදර්ශනය කළේය.
  ඇත්තටම මේ ගෝත‍්‍රික මානසිකත්වයෙන් යුතු මිනිස්සු ධනේෂ්වරකරණිය වී  ශිෂ්ඨාචාරගතවූ මං වැනි මිනිස්සුන්ගේ ඉල්ලිම් වලට සවන් දෙන්නේ නැත.ජෙල් ගාලා,ඔඩෙල් එකේ ෂර්ට් අදින නියම ධනේෂ්වර නියෝජිතයෙක් වන මම එක්සත් ජාතින්ගේ කාර්යාලය ඉස්සරහම ඉදන් උපවාසයක් කරද්දීත් උන් මාව පයිසෙකට මායිම් නොකලේ ඒ නිසාය.එදා අපේ ජනාධිපතිතුමා ඇවිත් වතුර වීදුරුවක් නොදෙන්නට මේ වටිනා ඇමතිවරයා ජාතියට අහිමි වී ගොස් බොහෝ කල්ය.
        කොහොම වුනත් මට හිතේ දුක මගේජිවිතේ බේරා දුන් ඒ උත්තම මිනිසා වෙනුවෙන් එදා දිනේෂ් තරම් වේගවත් කථාවක් කරන්නට බැරිවීම ගැනය.ජයලත්ට පාර්ලිමේන්තුවේ දි ගහලා ඩිලානුයි,ජගත්පුෂ්පකුමාරයි,මහින්දානන්ද යි තනියෙන් ලකුණු දමා ගත්තේය.උන් නිකමටවත් මට කථා කෙරුවනම් මමත් යන්නේ එක පයින්මය. ඒත් මමත් වැඬේ අතඇරියේ නැත.ජනාධිපතිතුමා ලංකාවට ගොඩබැස්සට පස්සේ එතුමාගේ ශ‍්‍රි දේහය මුලින්ම වැලදගන්නට මට හැකිවිය.
       මම රටේ ස්වෛරියත්වය වෙනුවෙන් කළ කාර්යභාරය එතෙකින් නිමවූයේ නැත.බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කළේය.එහිදි ප‍්‍රදර්ශනය කරපු බැනරයේ  CONDEMN යන වචනය වෙනුවට CONDEM කියලා මුද්දරණය කළෙත් හිතලාමය.උන්ගේ භාෂාව අපිට ලොකු නැති බව පෙන්වීමටය.ඒත් අර ෆේස් බුක් යන මෝඩයෝ හිතන්නේ මම ඉංග‍්‍රිසි නොදන්න නිසා ඒ වැරැද්ද කර ගත්තා කියලාය.
   කොහොම කොහොම හරි වැඩක් නැතිව වේලි වේලි හිටිය මට මේ විජාතික බලවේගවල පිහිටෙන් කාලයක් වමාරන්න හොද මාතෘකාවක් ලැබුණේය. උන්ට හිතින් පින් දෙන ගමන් මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටු කිරිමට මා යා යුතුය.නැවත ඉක්මනින් හමුවෙන තුරු ඉතිං සුභ අනාගතයක් !
                                           
                                                                       මීට,
               
                                                          සදා නොවෙනස් මිත‍්‍ර,
                                                                                                 විමලසිරි
                              

1 comments:

Unknown said...

hi Sri lankan friends
ඔබ සම ලන්කවෙ ෆෙස්බුක් වෙත අරදනා කරමු.
lankawe ayata pamanai
www.teenlanka.net

Post a Comment