පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය තමන්ට පරුෂ වචනයෙන් බැන වැදී මරණීය තර්ජන එල්ල කළේ යැයි දෙරණ රූපවාහිනියේ ප්රවෘත්ති අංශ ප්‍රධානියා ෂෙහාන් බරණගේ මහතා පැවසූ බව නොවැම්බර් මස 21 වනදා රාවය පුවත්පත සිය මුල් පිටුවේ වාර්තාකර තිබිණි.
මේ පිළිබදව පොලිසිය දැනුවත් කර ඵලක් නොවන නිසා ජනාධිපතිවරයා හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බව බරණගේ මහතා වැඩිදුරටත් රාවය පුවත්පත සමග ප්‍රකාශ කර තිබිණි.

දැන් අපි මේ පුවත මදක් විමසා බලමු.
මෙසේ මන්ත්‍රීවරියගේ කෝපයට හේතුවී ඇත්තේ පසුගිය 15 වන දා රාත්‍රියේ තමන් විකාශය වූ 360 වැඩසටහනක් නැවත විකාශය කිරීම වන අතර දෙරණ රූපවාහිනිය පවසන්නේ එදින එම වැඩසටහනට සහභාගි වීමට නියමිත ව තිබූ බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍ය විජීතමුනි සොයිසාට අතවශ්‍ය කටයුත්තක් හේතුවෙන් මෙයට සහභාගි වීමට නොහැකි වූ නිසා උපේක්ෂාගේ වැඩසටහන නැවත ප්‍රචාරය කළ බවයි.
එදින වැඩසටහනට සහභාගි වූ උපේක්ෂා ස්වර්ණමාලි බැරි බැරි ගාතේ වුවත් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස වෙනුවෙන් කථා කල අයුරු, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට චෝදනා කළ අයුරු අපි පසුගිය සදුදා දෙරණ රූපවාහිනිය ඔස්සේ නැවත දැකගතිමු.
සුපුරුදු පරිදි 360 වැඩසටහන නරඹන පේ්රක්ෂකයින්ට අමත්‍යවරයාගේ නොපැමිණිමෙන් අසාධරණයක් සිදුවන නිසා සහ තම වාණිජ සේවාදායකයින් සතුටු කිරිමේ අරමුණින් දෙරණ රූපවාහිනිය මෙම වැඩසටහන විකාශනය කරන්නට ඇත.

ඉහත ප්‍රවෘත්තිය දුටු මෙම ලියුම්කරුගේ හිතවතෙක් ද පැවසුවේ එවැනි වගකීම් විරහිතව මාධ්‍ය භාවිතා කරන්නට තර්ජනය කිරිම අසාධාරණ ක්‍රියාවක් නොවන බවයි.උපේක්ෂා දෙරණ ප්රවෘත්ති අංශ ප්‍රධානියාට මරණිය තර්ජන එල්ල කළේ එලෙසින් ම සිතා විය යුතුය.
මෙලෙස තමන්ගේ වෙනස් කළ මතවාදය වෙනුවෙන් පෙනි සිටි උපේක්ෂාගෙන් අපි එක් පැනයක් ඇසීමට කැමැත්තෙමු උපේක්ෂාට දැන් තමන් විශ්වාස කරන මතය වැදගත්ය.එමෙන්ම ඡන්දදායකයාට ද තමන්ගේ මතය වැදගත්ය.එසේනම් තම මතය ප්‍රකාශ කළ ඡන්දයෙන් තේරි පත්ව ඡන්ද දායකයින් 81350කගේ ඡන්ද අයිතියට නිගරු කළ ගැහැණියකට ඡන්දායකයින් ලබා දිය යුතු දඩුවම කුමක් ද?